දැඩි හා මෘදු වමේ සහ මධ්‍යස්ථ දකුණේ සිට විවේචකයින් කියා සිටින්නේ ලිබරල්කරණය මඟින් භාණ්ඩ සැපයීම සිදු නොවුන බවයි. “වෙළෙඳපළ මූලධර්මවාදය”(market fundamentalism) සහ “නව ලිබරල් ගෝලීයකරණය”(neoliberal globalization) පාලනය කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ, විවිධාකාරයෙන් රජයේ මැදිහත්වීම් සඳහා ඔවුහු තර්ක කරති.'' වෙළෙඳාම සම්බන්ධයෙන් මැදිහත්වීමේ අදහස් (සහ ආධාර) අලුත් යමක් නොවේ; ඒවා පූර්ව ඇඩම් ස්මිත් යුගය, “පූර්ව විශ්ලේෂණාත්මක”(preanalytic) වාණිජවාදය(ෂුම්පීටර් හැඳින්වූ පරිදි) දක්වා දිවෙයි. ඔවුන්ට පොදු දෙය නම්, වෙළඳපළ පිළිබඳ යල්පැනගිය අවිශ්වාසය සහ රජයේ මැදිහත්වීම පිළිබඳ විශ්වාසයයි- ඩේවිඩ් හෙන්ඩර්සන් එය හඳුන්වන්නේ “නව සහස්‍ර සාමූහිකවාදය”(New Millennium Collectivism) ලෙසය. එවැනි සාමූහික චින්තනයන් නැවත ඉහළට නැගෙමින් තිබේ. නමුත් එය තවමත් වැරදි හා භයානකය. අතීතයේ මැදිහත්කාර ප්‍රතිපත්ති මඟින් සිදු වූ හානිය එමඟින් ඉස්මතු වන අතර මෑත කාලීන හා ඓතිහාසික සාක්ෂි පිළිබඳ වැරැදි වැටහීමක් ලබා දෙයි. පුළුල් වෙළෙඳපළ පදනම් කරගත් ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස බාහිර ලිබරල්කරණය ක්‍රියාත්මක වී ඇති බව අවසාන කොටසේ දැක්වේ: එනම් ලෝක ආර්ථිකයට අඩුවෙන් විවෘතවූ හෝ වැසුණු රාජ්‍යයන් ට වඩා ලෝක ආර්ථිකයට විවෘතව ඇති රාජ්‍යයන් වේගයෙන් වර්ධනය වී පොහොසත් වී තිබේ.