අධිවේගී STARLINK Internet   

දිල්මිණී අබේරත්න .


අද වෙනකොට ස්මාර්ට් ෆෝන්, අන්තර්ජාල සම්බන්ධතා, සමාජ මාධ්‍යවලින් තොර ජීවිතයක් නැති තරම්. එදිනෙදා වැඩකටයුතු වගේම කාර්‍යාල කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ සේවාවන් ලබා ගැනීම ඉතාමත් සාමාන්‍ය කාරණයක් වෙලා. ඒ වගේ වටපිටාවක Starlink කියන්නේ තාක්ෂණයේ තවත් පියවරක් ඉදිරියට යාමක්. දුරස්ථ ප්‍රදේශවලට පවා අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම සම්බන්ධයෙන් starlink internet සැපයුම පෙරළියක් කරන එක නොඅනුමානයි. මේ වෙනකොට ලංකාවටත් ඒ අත්දැකීම ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ ශ්‍රී ලංකා රජය චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සපයන්නන්ට පහසුකම් සැලසීම සඳහා එහි විදුලි සංදේශ නීති සංශෝධනය කිරීමෙන් පසු 2024 අගෝස්තු මාසයේදී Starlink ශ්‍රී ලංකා පුද්ගලික සමාගමට නියාමන අවසරය ලබා දීමත් සමඟයි. භූතානය සහ බංග්ලාදේශයෙන් පස්සේ මෙම සේවාව ලබා ගත් තුන්වන දකුණු ආසියානු රට ශ්‍රී ලංකාවයි. මේ ලිපිය Starlink Internet  කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා ඔබට ඒ සේවාව ලබා ගත හැකි ක්‍රම හැම එකක් ගැනම කතා කරනවා. 

Starlink ගැන හැඳින්වීමක්

Starlink කියන්නේ කෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක්ගේ ස්පේස්එක්ස් ආයතනය විසින් සපයනු ලබන චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට. ලොව පුරා, විශේෂයෙන් ඌණ අන්තර්ජාල සේවා හෝ දුරස්ථ ප්‍රදේශවලට අධිවේගී, බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවේශය ලබා දීම වෙනුවෙන් SpaceX ආයතනය විසින් එහි සම්පූර්ණයෙන්ම හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනය වන Starlink Services, LLC හරහා Starlink Internet සැපයුම් නිර්මාණය කරලා සංවර්ධනය කරලා තියෙනවා. චන්ද්‍රිකා 6750ක් භාවිතයෙන් ක්‍රියාත්මක වෙන Starlink Internet ක්‍රමය මේ වනවිට රටවල් 100කට වඩා ක්‍රියාත්මකයි.  ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් ග්‍රාමීය සහ අඩු අන්තර්ජාල සැපයුමක් සහිත ප්‍රදේශවල එම සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන්  Starlink Internet වැඳගත් කාර්‍යභාරයක් අනිවාර්‍යයෙන්ම ඉටු කරන්න නියමිතයි.

මේ වන විටත් දෙහිවල ප්‍රදේශය අවට මෙම සේවාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මූලික වශයෙන් දින 30ක සහන කාලයක් ලබා දීමත් සිදු වෙනවා. සේවාවා ඇණවුම් කරන්නේ මෙහෙමයි.

Starlink ව්‍යාපෘතිය ගැන යමක්

SpaceX යටතේ 2002 වසරේදී ආරම්භ කළ Starlink ව්‍යාපෘතිය එක්සත් ජනපදයේ නිෂ්පාදනයක්. පිහිටා ඇත.  එලොන් මස්ක් විසින් නිර්මාණය කළ මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම SpaceX සතුයි. SpaceX හි ඡන්ද කොටස් හරහා මස්ක් ප්‍රධාන පාලනය රඳවා ගන්නා අතර Starlink සමාගම තුළ අංශයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. Starlink ව්‍යාපෘතියේ මූලික අදහස වුණේ පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම අන්තර්ජාලය ගෙන ඒමයි. විශේෂයෙන් ෆයිබර් ඔප්ටික් තාක්ෂණය යටතේ අන්තර්ජාල පහසුකම් සැපයීමට අපහසු කඳු, සාගර, ග්‍රාමීය ගම්මාන, ආපදා කලාප සහ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවලට මේ ඔස්සේ අන්තර්ජාල පහසුකම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සංධිස්ථාන මොනවාද කියා සලකා බැලුවොත්, ඒක මෙහෙමයි. 

Starlink ව්‍යාපෘතියේ වත්මන් ජයග්‍රහණ 

2025 වන විට, Starlink රටවල් 100 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වෙමින් මිලියන ගණනක් පරිශීලකයින්ට බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාලය සපයනවා. ඒ අතර නිවාස සහ ග්‍රාමීය ප්‍රජාව, සමුද්‍රීය යාත්‍රා සහ ගුවන් යානා, හදිසි ප්‍රතිචාර දක්වන්නන් මෙන්ම හමුදා සහ රජයේ අංශ ඇතුලත්. 

Starlink භාවිතයෙන් සාමාන්‍ය බාගත කිරීමේ (download speed) වේගය 50 Mbps සිට 150 Mbps දක්වා පරාසයක පවතිනවා. මේ තත්ත්වය වීඩියෝ සම්මන්ත්‍රණ සහ මාර්ගගත ක්‍රීඩා සඳහා පවා සුදුසුයි. මේ වෙනකොට ජංගම, පුද්ගලික සහ ආරක්ෂක අංශයේ පරිශීලකයින් ඉලක්ක කරගත් Starlink Roam, Starlink Mini සහ Starshield වැනි විශේෂිත සේවාවන් පවා දියත් කරන්න පටන් අරන් තියෙන්නේ.

කාලාන්තරයක් තිස්සේ කිසිම අන්තර්ජාල සම්බන්ධතාවක් නොතිබූ ප්‍රදේශවලට ප්‍රවේශය ලබා දීමෙන්, සංවර්ධනය වෙමින් පවතින කලාපවල මාර්ගගත අධ්‍යාපනය, දුරස්ථ වැඩ සහ විද්‍යුත් වාණිජ්‍යය සඳහා සහභාගී වීමට Starlink ජනතාවට සහය වෙනවා.  උපකාර කරයි. මේ වන විට ආපදා කළමණාකරණ කටයුතු වෙනුවෙන් Starlink ව්‍යාපෘතියේ සැලකිව යුතු කාර්‍යභාරයක් ඉටු වී තිබෙනවා.  සාම්ප්‍රදායික යටිතල පහසුකම් විනාශ වූ යුක්රේනය, මවුයි ලැව්ගිනි සහ භූමිකම්පා කලාප වැනි හදිසි ප්‍රතිචාර දැක්වීමේදී ස්ටාර්ලින්ක් ඉතා වටිනා බව ඔප්පු වෙලා තියෙනවා. ඒ ඇරුණාම, හුදකලා ප්‍රජාවන් තුළ, Starlink මඟින් කුඩා ව්‍යාපාර සඳහා දොරටු විවර කිරීමට, ටෙලිමෙඩිසින් සේවා වැඩිදියුණු කිරීමට සහ සන්නිවේදන පිරිවැය අඩු කිරීමට සහය වෙලා තියෙනවා.

ලංකාවට Starlink වැඳගත් වෙන්නේ ඇයි?

ලංකාවේ රජය ව්‍යාපාරව්ලට මැදිහත් වෙන්නේ, පෞද්ගලික අංශය ව්‍යාපාර කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන තර්කය ඉස්සරහට දාලා. ඒත් Starlink වගේ කාලීනව වැඳගත් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්‍යයෙන් පෞද්ගලික ආයෝජකයන්ට සහ නව තාක්ෂණයට, විදෙස් වෙළඳාමට ඉඩ දෙන්නම වෙනවා. ඒ තුළින් විතරයි ජාත්‍යන්තරව පිළිගත් නවීන ක්‍රමවලට අනුගත වෙලා, ලෝකය ගලා යන වේගයත් එක්ක ඉස්සරහට යන්න පුළුවක් වෙන්නේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියන බයට සන්නිවේදන අංශයට මැදිහත් වෙන්න පෞද්ගලික අංශයට ඉඩ නොදී හිටියොත් අපිට වෙන්නේ, යාවත්කාලීන නොවූ යල් පැන ගිය ක්‍රම නිසා කවදා හෝ දවසක ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්න තමයි.  කොහොම වුණත් මේ වතාවේ Starlink කියන අලුත් තරඟකරුවා වෙළඳපළට ඇවිත් ඉන්නවා. අනාගතයේ පලාඵල කියන්න තාම කල් වැඩි වුණත්, කාලීනව අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා පවත්වා ගැනීම වෙනුවෙන් Starlink වැඳගත් වේවි කියා හිතන්න පුළුවන්. විශේෂයෙන්ම ආර්ථික සහ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන ආයතනවලට, මාර්ගගත ව්‍යාපාර කරන්නන්ට තමන්ගේ ආර්ථික කටයුතු වෙනදාට වඩා පහසුවෙන් සහ ඉක්මණින් කරගෙන යන්න Starlink නිසා හැකියාවක් ලැබේවි.