සාමාන්‍යයෙන් ලංකාවේ අයවැය ගේන්නේ නොවැම්බර් මාසේ. ඒත් අලුත් ආණ්ඩුවක් පත් වෙලා විධිමත් අයවැයක් ගේන්න තරම් ප්‍රමාණවත් කාලයක් තිබ්බේ නැති නිසා ඒක 2025 පෙබරවාරි මාසය වෙනකම් කල් ගියා. මෙවර අයවැය, ලංකාවේ 40 වන මුදල් ඇමති විදිහට නව රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරපු නිදහස් ශ්‍රී ලංකාවේ 79 වෙනි අයවැය. එතුමා කියන විදිහට මෙවර අයවැය පදනම් වෙලා තියෙන මූලධර්ම තුනක් තියෙනවා. ඒ තමයි,
නිෂ්පාදන ආර්ථිකය නගා සිටුවීම
ඒ වෙනුවෙන් ජනතාවගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම
ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව බෙදීයාම සහතික කිරීම
2025 අයවැයේ සාරාංශය ගත්තොත්,
මේ වසරේ ලංකාව ලබා ගන්න අපේක්ෂා කරන ආර්ථික වර්ධනය 5%ක්. දැන් අපි බලමු ඒ වගේ අරමුණක් එක්ක මොන විදිහටද අයවැයේ හැසිරීම සිද්ධ වෙන්නේ කියලා. ඒ යටතේ ආර්ථිකයේ නොයෙක් අංශවල නව හඳුන්වාදීම්, සහන ලබා දීම්, කප්පාදු කිරීම් වගේම සංවර්ධනය කිරීම් කියන කොටස් අන්තර්ගත වෙලා තියෙනවා.
හඳුන්වාදීමට නියමිත නව පනත් / වෙනස්කම්
නව රේගු පනතක් හඳුන්වා දීමට පියවර
ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට පියවර
ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රමවේදය ස්ථාපිත කිරීම කඩිනම් කිරීම
වේයන්ගොඩ අභ්‍යන්තර බහාලුම් අංගණයක් ස්ථාපිත කිරීම
සංශෝධිත විදුලිබල පනත කඩිනම් කිරීම
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5000ක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවර්ධන බැංකුවක් පිහිටුවීම
කප්පාදු කිරීම් / අත්හිටුවීම්
මහජන නියෝජිතයින්ට ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳ සමස්ත පද්ධතියම සමාලෝචනය කිරීම රජයේ සියලුම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට පියවර
රජයේ නිලධාරීන්ට වාහන ලබාදීමේ නව ක්‍රමවේදයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මේ වසරේ නිල රථ වාහන හෝ රථවාහන බලපත්‍ර ලබා නොවේ.
මීට අමතරව අයවැයක වෙනස්කම් යටතේ වැඩිම අවධානයක් යොමු වෙන අංශ යටතට අධ්‍යාපනය, සෞඛ්‍යය, බලශක්ති, කෘෂිකර්ම සහ නවෝත්පාදන සලකන්න පුළුවන්. ඒ අංශ වෙනුවෙන් යෝජිත ක්‍රියාත්මක කිරීම් වෙන්නේ මෙහෙමයි.
අධ්‍යාපනය
පෙරපාසල් උදේ ආහාර වේල සඳහා වැය කළ රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා ඉහළට (ඒ සඳහා මේ වසරේ රුපියල් මිලියන 1000 වෙන් කරනවා.)
පෙරපාසල් ගුරුවරුන්ට ලබා දෙන දීමනාව මේ වසරේ ජූනි මාසයේ ඉඳලා තවත් රුපියල් 1000න් ඉහළට (ඒ සඳහා රුපියල් මිලියන 100 වෙන් කරනවා.)
5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1500 ඉහළට
ක්‍රීඩා පාසල් සිසුන්ගේ මාසික පෝෂණ දීමනාව රුපියල් 5000 සිට 10,000 දක්වා ඉහළට
වෘත්තීය අධ්‍යාපනයේ නිරත සිසුන්ගේ මාසික දීමනාව රුපියල් 5000ක් දක්වා ඉහළට
සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 7500 තෙක් ඉහළට
සරසවි සිසුන්ගේ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 4000 සිට 6500 ට දක්වා ඉහළට
සෞඛ්‍යය
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සඳහා රුපියල් බිලියන 604 ක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා රුපියල් බිලියන 185ක්
බලශක්තිය
සංශෝධිත විදුලිබල පනත ඉක්මනින් සම්මත කර ගැනීමට පියවර
අවම ගාස්තුවක් මත පදනම් වූ බලශක්ති ආයෝජන සඳහා පියවර
කෘෂිකර්මාන්තය
වී සහ සහල් තොග රැස් කිරීම සහ ගබඩා කිරීම සඳහා නව නීති ගෙන එමින් වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කෙරේ.
උතුරේ නව පොල් අක්කර 1000 ස්ථාපනයට රුපියල් මිලියන 500
2025 වසර සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 35000 කිරීම
2024 / 2025 මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5000
අපනයන, නවෝත්පාදන සහ ඩිජිටල් ආර්ථිකය
භාණ්ඩ හා සේවා අපනයන ක්ෂේත්‍රයේ ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් 2025 - 2029 කාලය සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්
සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා යටිතල පහසුකම් දියුණු කිරීම, ගමනාන්ත ප්‍රවර්ධනය ඇතුළු ව්‍යාපෘති රැසකට රුපියල් මිලියන 500ක්
ජපාන ආයෝජන තුළින් කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 4600ක්
ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට රුපියල් මිලියන 3000
සමාජ ආරක්ෂණය
2025 වසර සඳහා අස්වැසුම වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 232.5 ක්
ආපදා ජීවිත වන්දි මුදල රුපියල් මිලියනය දක්වා ඉහළට
අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස හරහා වියළි ආහාර පැකේජයක්
අස්වැසුම ප්‍රතිලාභ ඉහළ දැමීමට අවධානය
දුප්පත් කාණ්ඩයේ මාසික දීමනාව රුපියල් 8500 සිට 10,000 දක්වා ඉහලට
අන්ත දුප්පත් කාණ්ඩයේ මාසික දීමනාව රුපියල් 15,000 සිට රුපියල් 17,500 දක්වා ඉහළට
වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 7500 සිට 10,000 දක්වා ඉහළට
රාජ්‍ය සේවක වැටුප් සහ අනෙකුත් වෙනස්කම්
රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට 30,000 බඳවාගැනීම
රාජ්‍ය සේවකයන්ගේ අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට 40,000 දක්වා ඉහළට
වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම 80%න් ඉහළට
වැටුප් වැඩි කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 110 ක්
ජනවාරි පළවෙනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් අදියර තුනකින් වැඩි කිරීම
පුද්ගලික අංශය සහ වතුකම්කරු වැටුප්
පුද්ගලික අංශයේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2026 වන විට රුපියල් 30,000 තෙක් ඉහළට
වතුකම් කරුවන්ගේ යෝජිත රුපියල් 1700ක දෛනික වැටුප ලබා දීම සහතික කිරීම
මෙවර අයවැය සහ ආර්ථිකය
අයවැය කියන්නේ රටක ඉදිරි වර්ෂයේ ආදායම් සහ වියදම් ගැන කියවෙන ලියවිල්ලක් වගේම රටේ අනාගත සැලසුම් ගැන ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක්. 2025 අවුරුද්දේ ලංකාව 5% ආර්ථික වර්ධනයක් ලබා ගන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් බාධාවක් නොවෙන විදිහට තමයි මේ සියලු අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ. විශේෂයෙන්ම එතුමා කියපු වෙළඳපළ බලවේගවලින් තරඟකාරීත්වය වැඩි වෙන, ඒකාධිකාරීත්වය නිමා වෙන වෙළඳපළ, කාසි සහ නෝට්ටු භාවිතයෙන් සිද්ධ වෙන මුදල් ගනුදෙනු වෙනුවට ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක ඉපයීම්, අපනයන ආදායම් වර්ධනය කර ගැනීම කියන කාරණා ඉතාමත් සාධනීය මට්ටමක තියෙනවා. ඒ වගේම බලශක්ති අංශයද ඇතුලුව අත්‍යවශ්‍ය සහ කාලීනව වැඳගත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මුදල් වෙන් කිරීමත්, සමහර පාඩු ලබන ආයතනවල දෛනික මෙහෙයුම් පවත්වා ගන්න රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොදෙන බවටත් තීරණය කොට තිබීම අනාගතයේ ජනතාව වෙත පැටවෙන්නට තිබූ බරක් වැළැක්වීමක් ලෙස දකින්න පුලුවන්.