දේශසීමා සහ අයවැය

සංචාරක කර්මාන්තය දියුණු කරන්නත්, රට හැර ගිය අය ආපසු ගෙන්වන්නත් පුළුවන් විදිහේ වීසා ක්‍රමයට වෙනසක් කරමු. 

-ඩැනියෙල් අල්පොන්සු විසිනි

2024 වෙද්දි ලංකාවට සංචාරකයන් මිලියන 3 විතර එයි කියලා තක්සේරු කරලා තියෙනවා. අන්න ඒ නිසා ඩිජිටල් ක්‍රමයට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන වීසා ප්‍රමාණය මිලියනයකට වඩා වැඩි වෙන්න පුලුවන්. දැනට තියෙන වීසා ක්‍රමයේ දුර්වලතා නිසා ඇස්තමේන්තුගත පැමිණීමේ කාලය (Estimated Time of Arrival: ETAs) වැඩියි. මේ හින්දා සංචාරකයන්ට මුහුදු වෙරලක නිවාඩුව ගතකරනවා වෙනුවට කවුන්ටරයක් ඉස්සරහට වෙලා නීරස ලියකියවිලි තොගයක් එක්ක සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ලංකාව වගේ ආගන්තුක සත්කාරයට මුල්තැන දෙන රටකට ඒ වගේ සිදුවීම් නම් ඒ තරම් ගැලපෙන්නේ නෑ.

සංචාරකයෙක් ලංකාවට එන්න කලින් එයාලට සිද්ධ වෙනවා එයාලගේ ගමන් විස්තරයි එයාගේ මූල්‍ය විස්තරයි සේරම ඉදිරිපත් කරන්න. ඒ වගේම සෑහෙන වෙලාවක්, මහන්සියක් දරලා තමන්ගේ දත්ත පුරවන්නත් එයාලට සිද්ධ වෙනවා. ඒවායේ අහලා තියෙන සමහර ප්‍රශ්න අහන්න හේතුව මොකක්ද තේරෙන්නෙත් නෑ. ප්‍රශ්නේ තේරෙන්නෙත් නෑ.  උදාහරණයක් ගත්තොත්, සංචාරකයන්ගෙන් අහලා තියෙනවා “ ශ්‍රී ලංකාවේ ඔබේ ලිපිනය කුමක්ද?” කියලා. ඒත් පැහැදිලි නෑ මේ අහන්නේ සංචාරකයා දැනට ඉන්න තැන ලිපිනයද, පරණ ලිපිනයක්ද? එහෙමත් නැත්නම් නවාතැන් අරන් ඉන්න හෝටලේ ලිපිනයද කියලා. සමහරවිට මේ වෙද්දි හෝටල් කාමරයක් වෙන් කරලා නැති වෙන්නත් පුළුවන්. ලංකාවට එන්න කලින් පෝරම පුරවන්න දරන මේ මහන්සිය මාලදිවයිනට යන සංචාරකයන්ට ඇත්තේ නෑ. ඒ නිසා ලංකාවේ වීසා ක්‍රමයත් එක්ක කලකිරෙන සංචාරකයෝ හිතනවා මීට වඩා ලේසිනේ මාලදිවයිනට යන එක කියලා. 

තත්ත්වය තවත් නරක අතට හැරෙන්නේ, තොරතුරු ඇතුලත් කරමින් ඉන්නා අතරතුරේදී වෙබ් අඩවිය බිඳවැටීමට ඉඩ තියෙන නිසයි. ඒ වෙලාවට ආයෙමත් අලුතින් තොරතුරු ඇතුලත් කරන්න පටන් ගන්න වෙනවා. තවත් සමහර වෙලාවට, ඔබ ඔබේ වීසා හෝ වෙනත් දේවල් සඳහා මුදල් ගෙවීමට උත්සාහ කරද්දි, ඒ ගෙවීම ප්‍රතික්ෂේප වෙනවා. ඒකට හේතුවවත් මොකක්ද කියලා ඔබට අදහසක් එන්නේ නෑ. මේ ක්‍රියාවලිය පහසුවෙන් කරන්න පුලුවන් දෙයකට වඩා තරමක අභියෝගයක් විදිහට දැනෙන්න පුළුවන්. ඉතිං ඒ තමයි ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම් වීමේ අත්දැකීම.

හැම අවුරුද්දකම මේ සංචාරවලට ඩොලර් මිලියන ගණනක් වැය වෙනවා. අපේ රටට එන්න හිතාගෙන හිටපු සංචාරකයින් දස දහස් ගණනක් අපිට අහිමි වෙනවා. රටකට ආවට පස්සේ ගන්න පුළුවන් වීසා පහසුකම නිසා  මාලදිවයිනට සහ සිංගප්පූරුවට අතිරේක සංචාරක ආදායමෙන් ඩොලර් මිලියන 24 සිට 145 දක්වා උපයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. 

මේ විදිහට සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරලා සංචාරක කර්මාන්තයේ තියෙන ලියකියවිලි සම්බන්ධ ගැටළු නිසා කොච්චර වාසිද පාඩුද කියලා ඔප්පු කිරීමකට වඩා සිද්ධ වෙන්න ඕන වෙන දෙයක්. ඒ තමයි මේ දත්ත දිහා බලලා අපි තේරුම් ගන්න ඕන බැලූ බැල්මටම පේන ඇස්තමේන්තුගත පැමිණීමේ කාලය සහ පැමිණීමෙන් පසුව ලැබෙන වීසා ප්‍රශස්ත කිරීම කොයිතරම් අපිට වැඳගත් වෙන්න පුළුවන් ද කියන එක. 

*වැඩිදුර විස්තර සඳහා යොමුවන්න.

පැමිණීමෙන් පසුව ලැබෙන වීසා (On Arrival Visa)

මේ වෙද්දි ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මාලදිවයින සහ සීෂෙල්ස් කියන රටවල පුරවැසියන්ට මෙරටට පැමිණීමෙන් පසුව ලබා ගන්න පුළුවන් වීසා සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වුණත් ලංකාවට ආවට පස්සේ ලබා ගන්න පුළුවන් වීසා සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් ලබා නොදීම නිසා අපිට ඩොලර් මිලියන ගණනින් පාඩු සිද්ධ වෙනවා. අන්න ඒ කතාව සලකලා බලලා අපේ ප්‍රධාන සංචාරක වෙලඳපොලවල් විදිහට සැලකෙන යුරෝපා සංගමය, චීනය, රුසියාව සහ එක්සත් රාජධානිය කියන රටවල්වලට ලංකාවට ආවට පස්සේ ලබා ගන්න පුළුවන් වීසා ලබා දෙන්නේ නැත්තේ ඇයි කියලා පැහැදිලි කරන්න ප්‍රමාණවත් හේතු දැක්වීමක් කරන්න ඕන. ඒ වගේම වෙනත් රටවල්වල සංචාරය කරද්දි ඉතා දැඩි පරීක්ෂා කිරීම්වලට ලක් වූ අය ගැනත් සලකා බලන්න ඕන. සාමාන්‍යයෙන් ඇමරිකාවට එක පාරකට වඩා වැඩි වාර ගණනක් යන්න පුළුවන් විදිහේ වීසා තියෙන සංචාරකයින්ට වීසා රහිතව රටවල් 51කට පමණ සංචාරය කරන්න පුළුවන්.

පැමිණීමෙන් පසුව ලබා ගත හැකි වීසා පහසුකම ලබා දීම අනවශ්‍යයි කියලා කියන අය මේවාට උත්තර දෙන්න ඕන. ලංකාවට ආවට පස්සේ වීසා ගන්න පුළුවන්කමක් නෑ කියලා අපි දන්නවා වුණත්, ඔබට හදිසි අවස්ථාවකදී අවශ්‍ය නම්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට (BIA) ආවට පස්සේ වීසා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගුවන් සමාගම් අදාල ගමනාන්තයට ළඟා වෙන්න පැය 24 කට කලින් රජයට මගීන් ගැන දත්ත වාර්තා බෙදාහරිනවා. API ඒකාබද්ධ කිරීම් දැනටමත් කරලා තියෙන නිසා අපේ දේශසීමා නියෝජිතායතනවලට පුළුවන් තත්පර ගාණක් ඇතුලත අසාදු ලේඛනගත (blacklist) වුණ අයව පරීක්ෂා කරලා හඳුනා ගන්න. හැබැයි ඉන්ටර්පෝල් දත්ත සමුදායකින් (database) තොරතුරු ලබා ගන්නවා නම් ඒකට යන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයක්.

මීට අමතරව, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ කියලා තියෙනවා ප්‍රතික්ෂේප කිරීම් සහ පිටුවහල් කිරීම් සියල්ලම වගේ සිද්ධ වෙලා තියෙන්නේ සීමිත රටවල් ගාණකට විතරයි. ඒකෙනුත් ඉන්දියාව ප්‍රධානයි. 2022දී එක ජර්මානු ජාතිකයෙක් සහ ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ඇරුණාම එංගලන්තය, යුරෝපා සංගමය, ආසියාන් (ASEAN) හෝ ඕස්ට්‍රේලියාව කියන රටවල කිසිම සංචාරකයෙක්ව ප්‍රතික්ෂේප කරලාවත්, පිටුවහල් කරලාවත් නෑ. සරලවම ගත්තොත්, අවදානම සලකලා බලලා රටට ඉතාමත් ගුණාත්මක මට්ටමේ පිවිසීමේ හැකියාවක් ක්‍රියාත්මක කරන්න පුලුවන්කම තියෙනවා වගේම ඒක මේ අවස්ථාවේදී වැඳගත් පියවරක් විදිහට සලකන්න පුලුවන්.

අපි හුඟක් දෙනෙක් මේ තත්ත්වය පෞද්ගලිකව අත්විඳලා තියෙනවා. අපි වැඩියෙන් සිංගප්පූරුවේ සංචාරය කරන්නේ ඇයි? ඒ ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුවට ගියාට පස්සේ වීසා ගන්න තියෙන පහසුකම නිසා. ඇත්තටම, අපිට සිංගප්පූරුවට ඇතුළු වීමට සාමාන්‍යයෙන් ගත වෙන්නේ මිනිත්තු 10 ක් විතරයි. රටවල් 50කට වඩා වැඩි ප්‍රමාණයක විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මේ අත්දැකීම වඩාත් පහසුවෙන් ලබා ගන්න පුලුවන්. ස්වයංක්‍රීය සංක්‍රමණ දොරටු භාවිතා කරලා, ඔවුන්ට විනාඩි දෙකකට අඩු කාලයකදී දේශසීමා පාලනයෙන් බැහැර වෙන්න පුලුවන්.

ඇස්තමේන්තුගත පැමිණීමේ කාලය වඩා හොඳ මට්ටමක තබා ගැනීම 

සමහර සංචාරකයින් තවමත්, පැමිණීමට පෙර ඇස්තමේන්තුගත පැමිණීමේ කාලය තහවුරු කර ගන්න කැමතියි. ඒ නිසා බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඇති හැකියාව සහතික කරන්න අපි අපේ උපරිම දායකත්වය දෙන්න ඕන. මොකද දැනට එහෙම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඇස්තමේන්තුගත පැමිණීමේ කාලය මත විස්තර ඉල්ලලා තියෙන ක්ෂේත්‍ර 27 න් ගුවන් සමාගම් ආගමන බලධාරීන් සමඟ බෙදා ගන්නේ මගී වාර්තා විස්තරවල ඇති ක්ෂේත්‍ර 20 ක් විතරයි. ඉතිරි සියලුම දත්ත අතිරික්ත විදිහට තමා සලකන්න වෙන්නේ. මේ නිසා ඇස්තමේන්තුගත පැමිණීමේ කාලය පිළිබඳ ප්‍රශ්න ක්ෂේත්‍ර හතකට වගේ කරලා වැඩියෙන්ම අවශ්‍ය වෙන අවදානම ඇස්තමේන්තුගත කරන්න අවශ්‍යම වෙන දත්ත පමණක් රැස් කරන්න ඕන. ඉහළ අවදානම් සහිත රටවල්වල ඉන්න අය අමතර ප්‍රශ්නවලට පිලිතුරු දීම සුදුසුයි.

ඇස්තමේන්තුගත පැමිණීමේ කාලයට අදාල ගාස්තු ඉවත් කිරීම 

සංචාරකයෙක්  ඇස්තමේන්තුගත පැමිණීමේ කාලය වෙනුවෙන් ක්‍රෙඩිට් කාඩ් හරහා ඩොලර් 20ක් ගෙවන්න ඕන. ඒක සංචාරයට පෙළඹෙන සංචාරකයින් ව අධෛර්‍යයමත් කරනවා. කොහොම වුණත් ඒකත් ගමනේ තවත් පියවරක්. සමහරවෙලාවට ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්  අසාර්ථක වෙනවා. මේ සම්බන්ධයෙන් ජර්මනියේ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

“ශ්‍රී ලංකාවට ඇතුල් වීමේදී ලැබෙන පැමිණීමෙන් පසු ලැබෙන වීසා බලපත්‍රය : කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී වීසා අයදුම්පත සහ ගෙවීම් ඉදිරිපත් කරන්න. මෙම සේවාව සඳහා ඇමරිකානු ඩොලර් 60 ක ගාස්තුවක් අය කෙරේ. වීසා බලපත්‍රයක් ලබා ගැනීමේ මෙම විකල්පය ලබා ගත හැක්කේ www.eta.gov.lk ETA පද්ධතිය හරහා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට උත්සාහ කර ඇති නමුත් ණයපත් හරහා (ක්‍රෙඩිට් කාඩ්) ගාස්තු ගෙවීමට නොහැකි වීම නිසා අසාර්ථක වූ ජර්මානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න."

මේ සම්බන්ධයෙන් පැන නඟින එකම ගැටලුව වන්නේ ක්‍රෙඩ්ට් කාඩ්පත් නිසා ඇතිවන බාධාවන් පමණක් නොවේ. බොහෝ චීන පුරවැසියන් තවදුරටත් කාඩ්පත් භාවිත නොකරන අතර ඒ වෙනුවට Alipay භාවිතා කරයි.

සිංගප්පූරුව වැනි රටවල් බුද්ධිමත් තීරණයක් ලෙස ක්‍රෙඩිට් කාඩ්පත්වලින් ඇතිවන බාධා අවම කිරීමටත් වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වා ගැනීම දිරිගැන්වීමටත් යම් වියදමක් දැරිය යුතු බව අවබෝධ කර ගෙන ඇති නිසා ඔවුන් සංචාරකයින්ගෙන් ගාස්තුවක් අය නොකරයි.

1 *සාර්ක් රටවල් සඳහා ඇස්තමේන්තුගත පැමිණීමේ ගාස්තුව ඩොලර් 20 ක් සහ අනෙකුත් ජාතිකයන් සඳහා එය ඩොලර් 50 ක් බව සලකන්න. සාමාන්‍ය අගය ඩොලර් 40 පමණ වේ. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න. 

ඉදිරිපත් වෙලා තියෙන දළ ඇස්තමේන්තු එක්ක බලද්දි, ඇස්තමේන්තුගත පැමිණීමේ ගාස්තුව (ETA) නිසා සංචාරකයින්ගෙන් 3% වත් ගමන් ප්‍රමාද වෙනවා නම්, ETA ගාස්තුව ඉවත් කලොත් ශ්‍රී ලංකාව අනිවාර්‍යයෙන් ම ප්‍රතිලාභයක් ලබන්න පුලුවන්. මේ විදිහට සංචාරක කර්මාන්තයෙන් අහිමි වෙන ආදායම පියවගන්න භාණ්ඩාගාරය කරන්නේ වැට් බදු ආදායම ඉහළ දැමීමෙන් සහ සෘජුවම සහ වක්‍රව සංචාරක අංශයේ සමාගම් සහ සේවකයින්ට ඉහළ ආදායම් පැනවීමෙන්.

තමන්ගේම රටට ආපසු පැමිණීමෙන් ලබා දෙන දායකත්වය (Brain Gain)

නිදහසින් පස්සේ ශ්‍රී ලංකාවට පුහුණු ශ්‍රමිකයන් ලක්ෂ ගණනින් අහිමි වෙලා, එයාලා මේ රට අතෑරලා යන තැනට කටයුතු සිදු වෙලා අවසන්. බොහෝමයක් මධ්‍යම පන්තික පවුල්වල අඩුම තරමේ එක් වෛද්‍යවරයෙක්, ගණකාධිකාරීවරයෙක් නැත්නම් ඉංජිනේරුවෙක් මේ වෙද්දි විදෙස්ගත වෙලා ඉන්නේ.  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඇස්තමේන්තුවලට අනුව 2005 සහ 2015 අතර කාලයේදී, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂයයන්වල උපාධිධාරීන්ගෙන් 20% ක් විතර රට හැර ගිහින් තියෙනවා. COVID සහ ආර්ථික අර්බුදය නිසා, පසුගිය වසර කිහිපය තුළ රටින් පිටවීම විශේෂයෙන් ම වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒක අලුත් දෙයක් නෙවේ. අවුරුදු ගාණක් තිස්සේ මේ කියන බුද්ධිගලනය නැත්නම් උගතුන් රට හැර යාම අපට දකින්න ලැබෙනවා. 2 මේ වාර්තාව 1970 ගණන්වල ඉඳලා බුද්ධිගලනය ගැන හොඳ ඉදිරිපත් කිරීමක් කරනවා.

රට හැර ගිය උගතුන් ආපසු ගෙන්වා ගන්න අපි කටයුතු කිරීම වැඳගත්. එතනදි තියෙන ලොකුම අභියෝගය වෙන්නේ ශ්‍රී ලාංකිකයින්ට රැඳී ඉන්න හිතෙන රටක් ගොඩනැගීමයි. ඒත් ඒ කතාව මේ ලිපියේ විෂය පථයෙන් ඔබ්බට ගිය එකක්. ඒ නිසා අපි සාකච්ඡා කරන්නේ දක්ෂ කුසලතා ඇති පුද්ගලයින්ව ආපසු මේ රටට එන්න සහ ආර්ථිකයට දායක කරගන්න කල යුත්තේ මොකක්ද කියන එක විතරයි.

මේ සටහන කියවන සමහර පාඨකයන්ට පුදුමයක් දැනෙන්නට පුළුවන් මොකද ශ්‍රී ලංකාවට ඇවිත් පදිංචි වෙන්න හෝ වැඩ කරන්න පෙළඹෙන්න දක්ෂ ශ්‍රී ලාංකිකයන් නොවන පිරිස් ඉන්නෙත් අතළොස්සයි. ඒත් අපි මේ ජිවත් වෙන්නේ  සංචාරය කරන, එකිනෙකාට සම්බන්ධ වුණ කාලයක. මේ වගේ ආදරණීය හදවත් තවමත් ජීවත් වෙනවා. 

ඔවුන් පිළිගැනීමට සහ දිරිගැන්වීමට අපි හැකි සෑම දෙයක්ම කරන්න ඕන. හැමදේටම වඩා, ඒ එන පිරිසට නීත්‍යානුකූලව ලංකාවේ වැඩ කරන්න තියෙන බාධක ඉවත් කරන්න ඕන. රටක් දියුණු කරන්න නම් ඵලදායිතාව වර්ධනය කරගැනීමෙන් ඕන. අන්න ඒ නිසයි කුසලතා පූර්ණ සංක්‍රමණයට තියෙන බාධක කිසිම තේරුමක් ඇති දෙයක් වෙන්නේ නැත්තේ. විශේෂයෙන් මානව ප්‍රාග්ධන සොරකම් නැත්නම් ලකුණු මත පදනම් වූ සංක්‍රමණය හරහා බුද්ධිමත් තීරණ ගන්න දියුණු රටවල් කරන දෙයට විරුද්ධ පියවරක් තමයි මේක. විදේශීය කුසලතා ශ්‍රී ලංකාවේ ඵලදායිතාව, වර්ධනය සහ එමගින් සමෘද්ධිය ඉහළ නංවන ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා.

විදෙස් කුසලතා: 

  1. මානව ප්‍රාග්ධනය එකතු කරයි: සාමාන්‍ය ශ්‍රී ලාංකික සේවකයෙකුට වඩා ඉහළ ඵලදායිතාවයක් ඇති කෙනෙක් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වුණාම, ඔවුන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඵලදායිතාව සෘජුවම ඉහළ නංවන්න දායක වෙනවා. අපිට දැනටමත් තොරතුරු තාක්‍ෂණය වගේ ප්‍රධාන අංශවල විශාල කුසලතා හිඟයක් තියෙනවා.

  2. පවතින මානව ප්‍රාග්ධනය වැඩි දියුණු කරයි: විදේශීය කුසලතා, අදහස්, දැනුම යනාදිය ක්‍රමානුකූලව හෝ නොදැනුවත්ව උකහා ගැනීම මගින්, ඔවුන්ගේ කුසලතා අන් අයට උගන්වයි.

  3. පවතින මානව ප්‍රාග්ධන ඵලදායිතාව වැඩි කරයි: දක්ෂ කුසලතා අන් අයට වඩා ඵලදායී වීමට ඉඩ සලසනවා. උදාහරණයක් විදිහට, ළමා ස්නායු ශල්‍ය වෛද්‍යවරයකුගේ සේවය ලබා ගන්න පුලුවන්කම තියෙනවා කියන්නේ විශේෂඥයාගේ සිට සාමාන්‍ය කෙනෙක් දක්වා දැනුම බෙදා ගන්නා නිසා සියලුම ළමා රෝග විශේෂඥයින් වඩාත් ඵලදායී වෙනවා. විකල්පයක් විදිහට, ජපන් කණ්ඩායමේ සාමාජිකයෙකු සිටීම, ජපන් සේවාදායකයින් සමඟ වැඩ කිරීමේදී මුළු කණ්ඩායමම වඩාත් ඵලදායී කරයි.

සාමාන්‍ය සේවක ඵලදායිතාව නිරූපණය කරන්නට සුදුසු මිනුමක් විදිහට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය හඳුන්වන්න පුලුවන්. ඒ නිසා ධනවත් රටක කෙනෙක් දුප්පත් රටකට ගියොත් දුප්පත් රටේ සාමාන්‍ය ඵලදායිතාව දියුණු වෙනවා. අපි මේක කරන්නේ කොහොමද? ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ හාවඩ් මධ්‍යස්ථානයෙන් මම උපුටා දක්වන අදහස් කීපයක් තියෙනවා. 

සමහර උගතුන් රටින් පිටවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට උගතුන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති වේගවත්ම ක්‍රමය නම්:

ශ්‍රී ලංකාවට වඩා 4 ගුණයක් පොහොසත් රටවල සිටින අය සඳහා වසර දෙකක කාලයක් සඳහා පැමිණීමෙන් පසුව ලබා ගත හැකි වීසා ලබා දීම.

  1. ශ්‍රී ලංකාව මෙන් අවම වශයෙන් හතර ගුණයක ඒක පුද්ගල ආදායමක් ඇති රටවල පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් සඳහා දෙවසරක යාවත් කාලීන කල හැකි වීසා බලපත්‍රයක් ලබා දීම.3

  2. අවම වශයෙන් ශ්‍රී ලාංකික ආත්තම්මලා සහ සීයලා දෙදෙනෙකු සිටින ඕනෑම අයෙකු පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලබන පරිදි පුරවැසි පනත සංශෝධනය කිරීම.4 

  3. ස්ථිර පදිංචිය සහ පුරවැසිභාවය සඳහා මාර්ගයක් ද ඇතුළුව ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සියලුම විදේශීය ස්වාමි පුරුෂයාගේ / බිරිඳගේ රැකියා විධිමත් කිරීම5. 

මෙම පියවරයන්ගෙන් පළමුවැන්න ක්‍රියාත්මක කරන්න ඇමතිවරයාගේ අනුමැතිය විතරයි ඕන වෙන්නේ. 6ශ්‍රී ලංකාවේ ආගමන විගමනන පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරන්න අමාත්‍යවරයාට පුළුල් වපසරියක බලය තියෙනවා. ඇමතිවරයාට පුළුවන් වසර පහක් දක්වා වීසා බලපත්‍රවලට ඇතුළත් වීමේ රෙගුලාසි සකසන්න වගේම ප්‍රාථමික නීති සම්පාදනයක් නොකරම කලින් කියපු කරුණ ක්‍රියාත්මක කරන්න ඇමතිවරයාට පුළුවන්.

අපට නැති දේවල් තියෙන්නේ ටිකයි, තියෙන තරමක් තියෙන්නේ ලබා ගන්න ඕන දේවල්. මේ කියපු කාරණා අපිට වසරක කාලයක්, රටවල් කීපයක් වෙනුවෙන් ක්‍රියාත්මක කරලා ඒවායේ වෙනස්කමක් කරන්න අවශ්‍ය නම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්ති කාලයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ඒත් මේ අව්‍යාජ අත්හදා බැලීම් අපි වෙනත් මෝඩ උපහාසාත්මක අවස්ථා එක්ක පටලවා ගන්න හොඳ නෑ. අපි මේ අයවැයෙන් යෝජනා කරන්න ඕන, අපට තියෙන් ගැටළු නැති කරන නිර්භීත පියවර. ඒවායින් අපිට පුලුවන් ස්ථාවරත්වයට, යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න.

මේ ලිපිය ආගමන විගමන පනතට සම්බන්ධ දේවල් ගැන පමණක් නිසා මම වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ. ඒත් රටට ඇතුළු වීමට හෝ පිටවීමට ස්ථාවර ගාස්තුවක් තිබීම කෙටි ගුවන් ගමන්වලදි මිනිසුන් අධෛර්යමත් කරනවා වෙන්න පුලුවන් කියන එක කියන්න ඕන. ඒ වෙනුවට ගුවන් තොටුපළ අධිකාරිය, ගාස්තු නියම කිරීමේදී ශ්‍රී ලංකාව සහ ගමන ආරම්භ වන ස්ථානය හෝ ගමනාන්තය පවතින්නේ ගුවන් තොටුපළට කොපමණ දුරින් ද යන්න මත ගාස්තු නියම කළ යුතුයි2‍.

ඩයස්පෝරාවෙන් මෙරටට එවන මුදල්වලින් වන්දි ගෙවන්න වෙන්නේ නෑ: පිටරට ඉන්න ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සැලකුවාම අපිට ඕස්ට්‍රේලියාවට වඩා මාලදිවයිනෙන් මුදල් ප්‍රේෂණය කරනවා 3.

අපේ රටට එන්න පුලුවන් කාටද කියලා තීරණය කරන්න ලකුණු මත පදනම් වූ ක්‍රමයක් භාවිතා කිරීම තරමක් උපක්‍රමශීලී දෙයක්. ඒත් ඒ ක්‍රමය ක්‍රියාත්මක කරද්දි වෙන්නෙ පුලුවන් දූෂණ, වංචා, නොමඟ යැවීම් සලකලා බැලුවාම වඩාත් ම සුදුසු වෙන්නේ කලින් කරපු යෝජනාව අනුව  අපේ රටේ සාමාන්‍ය ආදායම වගේ හතර ගුණයක ආදායම තියෙන රටවල් සැලකීම වගේ ඉතා ඉහළ සීමාවක් පවත්වා ගැනීම තමයි 4.

ලකුණු මත පදනම් වූ නිර්ණායකයට වඩා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පදනම් කරගත් නිර්ණායකයක් තියෙන්නේ ඇයි කියා අහන අයට, මගේ පිළිතුර හරිම සරලයි. ලකුණු මත පදනම් වූ පද්ධතියක් අනිවාර්‍යයෙන් ම ක්‍රියාත්මක වෙන්නේ කෙනෙක්ගේ අභිමතය / කැමැත්ත එක්ක.

මෙම කරුණ සහ ඊළඟ කරුණ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා, ශ්‍රී ලංකාවේ ආගමන රාමුව පිළිබඳ මෙම අධ්‍යයනයේ 14 පිටුව බලන්න 5.

මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එකඟතාවකට පැමිණීම පහසු වෙන්න ඕන. සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ශ්‍රී ලාංකිකයන්ගේ විදේශික සහකරු හෝ සහකාරියට වසර තුනක පදිංචියෙන් පසු ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බවට පොරොන්දු වෙලා තියෙනවා. 39 පිටුව බලන්න 6.

කෙනෙක් කඩිනමින් බලාපොරොත්තු වෙන දෙයක් තමයි ඩිජිටල් අත්සන. ඇත්ත වශයෙන්ම, ජනාධිපතිවරයා විසින් 2023 දෙසැම්බර් 31 දින සිට ඩිජිටල් අත්සනක් හරහා පමණක් ලේඛනවලට අත්සන් කරන බව ප්‍රකාශ කරන්න ඕන.